විදුලි බිල සම්බන්ධව පැමැණිලි කිරීමයි - ගිණුම් අංක 4892047511

මහත්මයාණනි,

මා හට අවසාන විදුලි බිල වශයෙන් පහත කෙටි පණිවිඩය ලැබුණි.

A/C No: 4892047511 (D1)
PERERA M C

B/F: Rs. 4,489.23
Payments: Rs. 4,500.00
Outstanding: Rs. -10.77 by 2025-05-22

Reading Date: 2025-05-30 (441)
Reading: 33044 - 33044 = 0 Units
Charge: Rs. 75.00
SSC Levy: Rs. 1.92
Monthly Bill: Rs. 76.92

Total Due: Rs. 66.15

View e-Bill here:

මා සුපුරුදු පරිදි විදුලිය පරිහරණය කළ බැවින් 1987 අංකය අමතා මේ බව දන්වා සිටියෙමි. ඒහිදිී ඔවුන් මට කැළණිය විදුලි බල මණ්ඩලයේ අංකය ලබා දී පැමිණිළි කරන ලෙස දැන්වීය.

කැළණිය කාර්යාලයේ නිලධාරියා පවසා සිටියේ මෙසේ වීමට හැක්කේ නිවසේ සුනඛයන් සිටීම හෝ ගේට්ටුව වසා සිටි අවස්ථා වලදී පමණක් බවයි. ඒසේ නොමැති බව මා ඔහුට පැවසූ විට ඔහු මගේ දුරකතන අංකය ලබාගෙන ඇමතුමක් ලබා දෙන පැවසුවද ඒසේ සිදු නොවුනි. මා විදුලි මීටරය පරීක්ෂා කිරීමේ දී ඒය ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය විය.

ඊයේ (පෝය දින) මා විදුලි මීටරයේ අංකය අවසාන විදුලි බිල සමඟ සංසන්දනය කිරීමේදි ඒය අඩු වී ඇති බව නිරීක්ෂණය විය. අවසාන විදුලි බිලෙහි කියවීම 33,044 ක් වන අතර ඊයේ කියවීම 32,565 ක් විය. පොසොන් පොහොය දින කළ හැකි යමක් නොමැති බැවින් අද දින උදෑසන නැවත විදුලි මීටරය පරීක්ෂා කරන විට කියවීම 32,571 ක් ලෙස දර්ශනය විය. නැවත 1987 අංකය අමතා අද දිනද පැමිණිළි කළ විට සුපුරුදු පරිදි ඔවුන් පවසා සිටියේ කැළණිය කාර්යාලයට පැමිණිළි කරන ලෙසයි. නැවත කැළණිය කාර්යාලය ඇමතූ විට සුපුරුදු ලෙස මාගේ දුරකතන අංකය ලබාගෙන ඇමතුමක් ලබා දෙන බව පැවසුවද මේ වන තෙක් ඇමතුමක් නොලැබිණි. මාගේ පැමිණිල්ල සටහන් කරගෙන මා හට යොමු අංකය අංකය ලබා දෙන ලෙස ඉල්ලා සිටියද ඒම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා මෙන් ඉතා ඔ්නෑකමින් ඉල්ලා සිටිමි.

ස්තුතියි

මෙයට විශ්වාසී

රසික මායාදුන්න

ඒම්.සී. පෙරේරා වෙනුවට

හිතවත් @Rasika
කැලණිය ලංවිම කාර්යාලයෙන් වැරදි විදුලි මීටර කියවීම සහ ප්‍රතිචාර නොදක්වන සේවාව සම්බන්ධයෙන් ඔබගේ කනස්සල්ල වලංගු වේ. කරුණාකර ඔබගේ ගිණුම් අංකය (1987), ලංවිම කියවීමේ ඡායාරූප සහ පැමිණිලි විස්තර සමඟ crmsupport@ceb.lk වෙත විද්‍යුත් තැපෑලක් යැවීමෙන් මෙම ගැටළුව මතු කරන්න. ඔබට ලංවිම ප්‍රධාන කාර්යාලයට 0112 422 259 අමතා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සමඟ කතා කරන ලෙස ඉල්ලා සිටිය හැකිය. විසඳී නොමැති නම්, මහජන උපයෝගිතා කොමිෂන් සභා ද්වාරය හරහා විධිමත් පැමිණිල්ලක් ගොනු කරන්න.

තවමත් උදව් අවශ්‍ය නම්, අපට පිළිතුරු දෙන්න.